මේසන් බාස්ට දවසට 3000ක් දෙද්දි, ගුරුවරයෙකුට 1010යි…! මේක සාධාරණ ද…? – මහින්ද ජයසිංහ..

July 18, 2021 at 10:13 pm | by emanisa.lk

අවුරුදු 03ක පුහුණුවෙන් පසු සේවයට බැඳෙන ගුරුවරයෙකුගේ වැටුප රු. 30 300ක් බව ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

මේසන් බාස් උන්නැහේ කෙනෙකුට දවසකට රු. 3000ක් ද අත්වැඩ දෙන අයෙකුට රු. 2000ක් ද ලැබුණ ද ගුරුවරයෙකුගේ දෛනික වැටුප රු. 1010ක් බව ඔහු සඳහන් කරයි.

පළමු පන්තියේ ගුරුවරයෙකුගේ දෛනික වැටුප රු. 1498ක් බව ද පළමු පන්තියේ විදුහල්පතිවරයෙකුගේ දෛනික වැටුප රු. 1544ක් බව ද මහින්ද ජයසිංහ පෙන්වා දුන්නේ ය.

මෙය සාධාරණ දැයි ඔහු ප්‍රශ්න කළේ ය. තම වැටුප් විෂමතා ඉවත් නොකළහොත් වර්ජන ක්‍රියාමාර්ග දැඩි කරන බවත් ඔහු අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *