මේජර් ජනරාල් ශවේන්ද්‍ර නව යුද හමුදාපති ධුරයට!

August 19, 2019 at 1:25 pm | by emanisa.lk

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා 23 වන යුද හමුදාපතිවරයා ලෙස අද (19) පත්කර තිබේ.

1984 කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එකතු වන ශවේන්ද්‍ර සිල්වා කොටි ත්‍රස්තවාදය පරාජය කළ අවසන් සටනේ 58 වන සේනාංකයට අණ දුන්නේය.

ශවේන්ද්‍ර සිල්වා අනතුරුව නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස ද කටයුතු කළේය.

යුද හමුදාපති ධුරයට පත්වන විට ඔහු යුද හමුදාවේ දෙවන ප්‍රධාන ධුරය වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරුවේය.

අවුරුදු 55 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම යාමට සිටි ශවේන්ද්‍ර සිල්වාට ජනාධිපතිවරයා දෙසැම්බර් 31 දක්වා සේවා දිගුවක් ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස