මේජර් අජිත් ප්‍රසන්නට වසර 04ක සිරදඬුවම්…!

January 24, 2023 at 12:12 pm | by emanisa.lk

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කළහ.

ඊට අමතරව රුපියල් ලක්ෂ 3ක දඩයක් ද නියම කළ අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස හයක සිරදඬුවම් නියම කරන බවත් එම නියෝගයේ සඳහන් විය.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයි රාජා යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *