මේක විපක්ෂය හොම්බෙන් යවන අයවැයක්! ඇමති රවීත් කේමා⁣ කොලුවාගේ අයවැය අගයයි.

March 7, 2019 at 9:13 am | by admin

අපි පොරොන්දුවක් ඉදිරිපත් කරන්නේ ඒක ඉෂ්ට කරන්න පුළුවන්නම් විතරයි. අපේ පක්ෂය අනිත් අයවගේ කරන්න බැරි දේවල් කියලා, විපක්ෂයට බැන බැන ඉන්නේ නැහැ. අපේ අඩුපාඩු තියෙනවානම්, ඒ ගැන පක්ෂය ඇතුළේ කතා කරලා අපි විසදගන්නවා. අපිට අවශ්‍ය ජනතාවට අදට වඩා හොද හෙට දවසක් උදා කරන්නයි. මේක මැතිවරණ අය වැයක් කියලා විපක්ෂය කිව්වත්, මේක විපක්ෂය නැතිවෙන අය වැයක් කියලා මම කියනවා යැයි අමාත්‍ය රවි කරුණානායක අවධාරණය කරයි.

කෙරවලපිටිය තාප විදුලි බලාගාර නිරීක්ෂණ චාරිකාවකට පසු මාධ්‍ය නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා වැඩ් දුරටත් මෙසේ පැවසීය.

සීමිත සම්පත්, අසීමිත ඉල්ලීම් සඳහා යොදාගනිමින් මෙවර අය වැය ඉදිරිපත් කරලා තිබෙනවා. ආණ්ඩුවක් වශයෙන් ජනතාවට පුළුවන් උපරිමයෙන් සහන ලබාදෙන්න තමයි අපේක්ෂා කරන්නේ. මීටත් වඩා දෙන්න තිබෙනවානම් හොදයි.ඒ පිළිබඳව අවධානය යොමුකරලා, අඩුපාඩු තිබෙනවානම් ඒවා සකස් කරගන්න මේ දවස්වල කටයුතු කරගෙන යනවා.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ, යමක් කිව්වොත් ඒ දේ කරන පක්ෂයක්. අපි ආණ්ඩුවක් වශයෙන් අය වැය ඉදිරිපත් කළේ විශිෂ්ට ආකාරයෙන් සම්මත කරගෙන ජනතාවට සහන සලසන්න මිසක්, කාටවත් බයේ කටයුතු කරන්න නෙමෙයි. ආණ්ඩු පක්ෂය, විපක්ෂය කියලා සටන් කරලා අවසානයේ ජනතාව තමයි දුක් විඳින්නේ. ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යම් එකඟතාවක් ඇති කරගෙන, එකට වැඩකරන්න පුළුවන් තත්ත්වයක් උදාකරගෙන සෙතක් සලසා ගතයුතුයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *