මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කූරගල පුදබිමේ..!

January 13, 2022 at 4:36 pm | by emanisa.lk

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය (2022) බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී තීරණය කෙරිණි.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල වෙසක් උත්සව සංවිධාන කිරීමට අවධානය යොමු කරන්නැයිද අගමැතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ අතර නාගදීප රජ මහා විහාරය පූජා භූමියක් ලෙස නම් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි අගමැතිවරයා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.එසේ ම රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට සමගාමීව කූරගල ඓතිහාසික පුදබිම පූජා භූමියක් බවට පත් කිරීමට අවධානය යොමු කරන ලෙස ද අගමැතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අගමැතිවරයා මෙම උපදෙස් දුන්නේ අරලියගහ මන්දිරයේ දී පෙරේදා (12) පැවැති සාකච්ඡාවකදීය.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සෞඛ්‍ය අංශවල උපදෙස් මත පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු රජයක් ලෙස සූදානම් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *