මෙවර පළාත් ප්‍රදේශීය සභාවලට වෙන් කළේ අයවැයෙන් රු. 320යිලු! අගමැති බොරු කියන්නේ පාර්ලිමේන්තුවටද? ජනතාවටද?

March 31, 2019 at 10:40 am | by admin

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත්වීම නිසා පළාත් සභා හා පළාත් පාලනවලට මෙන්ම ආණ්ඩුකාරවරුන්ගේ කටයුතු සඳහා ද මුදල් නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මේ නිසා නගර සභා ප්‍රාදේශීය සභා සඳහා සතයක මුදලක් ලබා දිය නොහැකි බව හෙතෙම පවසයි. විපක්ෂය පළාත් සභාවලට, ප්‍රාදේශීය සභාවලට මුදල් උවමනා නැතැයි කියන්නේ නම් තමාට කළ හැකි දෙයක් නැතැයි අගමැතිවරයා පෙන්වා දෙයි. එම ප්‍රතිපාදන කැපුවේ ඇයිදැයි විපක්ෂයෙන් විමසන්න යැයි ද ඔහු කීවේය.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හම්බන්තොට වීරවිල ක්‍රීිඩා සංකීර්ණයට මුල් ගල් තැබීමේ උත්සවයට එක්වෙමිනි.

කෙසේ වුවද එම වැය ශීර්ෂ දෙක පරාජය වීම නිසා සිදු වූයේ රු. 320ක පාඩුවක් බව අගමැතිවරයා ඊට පෙර පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

අගමැතිවරයා පවසන පරිදි මෙවර අයවැයෙන් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා වෙන් කර ඇත්තේ රු. 320කට වඩා අඩු මුදලකි. නැතහොත් අගමැතිවරයා පාර්ලිමේන්තුවට බොරු කියයි. නැතහොත් ජනතානට බොරු කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *