මෙවර කිසිවෙකුට 50%ක් නෑ… දෙවන මනාපය ගණින්න සූදානම්…!

September 1, 2024 at 11:22 am | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් අනතුරුව දෙවන මනාපය ගණන් කිරීම සඳහා ද සූදානම් වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දිවයිනේ සියලුම තේරීම්භාර නිලධාරීවරුන්ට දැනුම්දී ඇත.

පළමු ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව, කිසිදු අපේක්ෂකයකුට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් නොතිබුණහොත් දෙවන මනාපය ගණන් කිරීමට සිදුවන බැවින්, ඒ සඳහා නිලධාරීන් සූදානම්කර තබාගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායකගෙන් පවසන්නේ දෙවැනි මනාපය ගණන් කිරීමට සිදු වුවහොත් අවසන් මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීමේ කාලය නිශ්චිතව කිව නොහැකි බවය.

සියලුම ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් පළමු ප්‍රතිඵලයට අදාළ වාර්තා ලැබුණු පසුව, සියයට 50 ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රතිශතයක් අපේක්ෂකයකු ලබාගෙන නොසිටියේ නම් යළි දෙවන මනාපය ගණන් කරන ලෙස ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට කොමිසමෙන් දැනුම්දෙන බව ද සභාපතිවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *