මෙවර උසස් පෙළ ඉහළ ම දක්ෂතා පිට පළාත්වලින්…! දිවයිනේ පළමු වැන්නෝ ලැයිස්තුව මෙන්න….!

May 4, 2021 at 9:31 pm | by emanisa.lk

2020 ඔක්තෝබර් මස පැවැති අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් කෙරිණි.

මෙවර විභාගයේ දී සියලු විෂය ධාරාවල ඉහළ ම දක්ෂතා දැක්වීමට සමත් වී ඇත්තේ පිට පළාත්වල සිසු සිසුවියන් වීම විශේෂත්වයකි.

ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යාපනය, චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ, ධනරාජ් සුන්දර්බවන් සිසුවා සමත් වී ඇත.

කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට දෙහිවල ප්‍රෙස්බිටේරියන් කාන්තා විදුහලේ චමල්කා සෙව්මිණිට හැකි විය.

වාණිජ අංශයෙන් දිවයිනෙන් ම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි මදනායක සිසුවිය සමත් වූවා ය.

ඉන්ජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථාන දිනා ගැනීමට හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ කුඩා ලියනගේ අවිශ්ක චානුක ශිෂ්‍යයා දිනාගත්තේය.

ජෛව තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථාන දිනා ගැනීමට හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ සුසික සඳසර ශිෂ්‍යයා දිනාගත්තේය.

2020 උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 301,771ක් මුහුණ දුන් අතර ඉන් 194,297ක් විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීමට වරම් හිමිකරගෙන තිබේ.

එය 64.39%කි.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පහසුකම් සපයන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *