මෙන්ඩිස් අරක්කු කොම්පැනිය දැන් මගේ….! සමාගමේ බලපත්‍රය මට දෙන්න….! – සමාගමේ අලුත් අයිතිකාරිය මෙන්න…

July 23, 2021 at 10:41 pm | by emanisa.lk

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම අර්ජුන් ඇලෝසියස්ගේ නොව තමන්ගේ බව ජයසිරි හෝල්ඩිං ආයතනයේ අධ්‍යක්ෂවරියක වන නදිකා කරුණාරත්න පවසයි.

මෙම සමාගම අධික ණය බරක් සමඟ 2018 වසරේ තමන් වසර 10ක් සඳහා ලබා ගත් බව ඇය පවසයි.එහි දී විශාල රජයට විශාල ණය ප්‍රමාණයක් සහ සේවකයින්ට වැටුප් ගෙවීමට සිදු වූ බවත් ඒ සඳහා ලක්ෂ 7000කට අධික මුදලක් වැය වූ බවත් නදීකා අනාවරණය කරයි.

2011 වසරේ ආරම්භ කළ මැන්ඩිස් සමාගමට 2015 වසරේ සිදු වූ බැඳුම්කර වංචාවේ මුදල් ආයෝජනය කළ කතාව බොරුවක් බවත් තමාට ගෙවා දැමීමට සිදු වූයේ 2015ට පසු ආයතනය ගෙවා නොදැමු බදු සහ ණය බවත් නදීකා කරුණාරත්න පෙන්වා දෙයි.

සමාගමේ අයිතිය සම්බන්ධ ගැටලුවක් නිසා 2018 අධිකරණයට පවා යාමට සිදු වූ බවත් එහි දී අර්ජුන් ඇලෝසියස්ට 2018-2028 දක්වා සමාගමේ අයිතියක් නොමැති බවට අධිකරණය තීන්දු කළ බවත් ඇය හෙළි කරයි.

මාධ්‍ය ඔස්සේ මෙම සමාගම නැවත අර්ජුන් ඇලෝසියස් ආරම්භ කරන බවට සිදුකළ ප්‍රචාරය හමුවේ ආණ්ඩුව එය වසා දැමීමට කටයුතු කළ ද මේ වන විටත් අදාළ ලියකියවිලි සුරාබදු දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවත් ඉදිරියේ දී සමාගම නැවත විවෘත කරන බවත් ඇය වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *