මෙච්චර කල් ළමයි පාසල් නාවේ සහරාන් නිසා නෙමේ විපක්ෂය නිසා! – විජේපාල හෙට්ටිආරච්චි

May 20, 2019 at 10:18 pm | by admin

පසුගිය සමයේ දෙමාපියන් දරුවන් පාසල් නොඑව්වේ ත්‍රස්තවාදීන්ට බියෙන් නොව විපක්ෂ දේශපාලකයන් විසින් ජනතාව බිය ගැන්වීම නිසා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

මේ වන විට එම කුමන්ත්‍රණය පරාජයට පත් වී 21 වෙනිදා සිට සියලු සිසුන් පාසල් ඒමට සූදානම් බව විපක්ෂය දන්නා නිසා දැන් සිසුන් සමග පාසල් යාමට සූදානම් වන්නේ යැයි මන්ත්‍රීවරයා චෝදනා කරයි. එසේ නම් පසුගිය 6 වෙනිදා පාසලට සිසුන්ට පැමිණීමට එන්න යැයි කීමට නොහැකි වූයේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

කෙසේ වුවද බොහෝ මැති ඇමතිවරු සිය දරු මුනුබුරන් පසුගිය සමයේ පාසල් යැව්වේ නැත. ජනාධිපතිවරයාගේ මිනිබිරිය පවා පාසල් ගියේ නැත. ආරක්ෂක ප්‍රධානීන්ගේ දරුවන් යන කොළඹ ආරක්ෂක පාසලේ දරුවන් ද පාසල් පැමිණියේ නැත.

මහ සංඝ රත්නය මෙන්ම ආණ්ඩු පක්ෂයේ සරත් ෆොන්සේකා ද ප්‍රකාශ කළේ පාසල් යාමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති බවය. අධ්‍යාපනඇමතිවරයා ප්‍රකාශ කළේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බය කරන නිසා සිසුන් පාසල් නොපැමිණෙන බවය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස