මෘතදේහ ප්‍රශ්නය ජිනීවා යයි….! මුස්ලිම් අයිතිය ලබා දෙන්නැයි බලපෑම්…!

February 24, 2021 at 10:48 pm | by emanisa.lk

ලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය ලංකාවේ කොවීඩ් මෘතදේහ භූමදානයට ඉඩ නොදීම පිළිබඳව ද ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී සිය කනගාටුව ප්‍රකාශ කර තිබිණි.

ලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහ ලේකම් යූසුෆ් අල් ඔතයිමීන් සමුළුව අමතමින් මේ බව ප්‍රකාශ කළේ ය.

“ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයින් මුහුණ දෙන තත්ත්වය ගැන ලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය කනස්සල්ල පළ කරනවා.

වෛරසයෙන් මියයන අයගේ දේහයන් භූමදානය කිරීමේ අයිතිය ඔවුන්ට හිමිවී නෑ.

මුස්ලිම් ජනතාවගේ භූමදානය කිරීමේ අයිතිය සහතික කිරීම සඳහා ඉතා ඉක්මන් පියවර ගන්නා ලෙස අපි ඉතා ඕනෑකමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *