මුළු රටම නිරෝධායනය කළ යුතු නෑ! කොරෝනා පාලනය කරන්න අපට පුළුවන්! – ජනපති

March 17, 2020 at 3:56 pm | by emanisa.lk

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සමස්ත රටම නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී ජනපති ගෝඨාභය රාජපක්ෂ  මේ බව පැවැසීය.

“මුළු රටම නිරෝධායනය කරන තරමට අපි ඇවිත් නෑ. දින දෙකක් මම මේ ගැන හිතුවා හමුදාවත් එක්ක මේ ගැන කථා කළා. සියලු දෙනෙක්ම රටට ඇතුළු විම නැවැත්වුවා.

අපි කොච්චර වැහුවත් වැඩක් තියෙනවද? විදේශ අමාත්‍යංශයේ සේවිකාවගේ ස්වාමිපුරුෂයා මැණික් බිස්නස් කරපු කෙනෙක්. මේක දැනගත්ත ගමන් මම කිව්වා එයාගේ පාට්නර් අල්ලන්න කියලා.

එයා පැනලා ගිහිල්ලා. එයා ඉස්පිරිතාල තුනකට ගිහිල්ලා බුද්ධිමත් කෙනෙක් වගකීමක් නැතිව කටයුතු කරනවා. මම කිව්වා නඩු දාන්න කියලා.

ගාල්ලේ හැදුණ පුද්ගලයා ඉන්නේ කුලියාපිටියේ. අපි කුලියාපිටියට ගිහින් කිව්වා පවුලම නිරෝධායනය වෙන්න කියලා. එයා නිකම්වත් කිව්වේ නෑ තාත්තා ඉන්නේ ගාල්ලේ කියලා.

තාත්තට හැදුණා. මේ වගකීමෙන් තොරව කටයුතු කරනවා. හැදුණ අයට විශාල ලෙස පැතිරිලා නෑ. මේක අපිට පාලනය කර ගන්න පුළුවන්. ”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස