මුළු මුහුදම හඬවා ප්‍රියා සමු ගනී….!

December 24, 2024 at 11:26 am | by emanisa.lk

කලක් රෝගාතුරුව සිටි ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 80 හැවිරිදි වියේ පසු විය.

දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතය.

1968 වසරේ බයිල ගායකයෙකු ලෙස සංගීත ක්ෂේත්‍රයට පිවිසි ප්‍රියා සූරියසේන අනතුරුව 1972 සරල ගී ගායනයට එකතු විය.

රටකින් එහා ඉගිලි තනිවෙන්න බෑ, හෙට දවසේ අප දෙදෙනා, ආදරණීය නේරංජනා, අඳුර අඳුර මගේ, සරතැස නිවා, කිරිසයුරේ, මල්සර හිනාව, ඈත රන් විමන්, ප්‍රණීත මී බිඳු, මුළු මුහුදම හඬයි, මී කැකුණ කැලේ, සඳ මා ගාවයි, සරතැස නිවා, හිරු ද මුවාවී ජනප්‍රිය ගීත රාශියක් ගායනා කරමින් ප්‍රියා සූරියසේන ජනාදරයට පාත්‍ර විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *