මුළු දකුණ ම විරුද්ධ වුණත් 13 බලාත්මක කරනවාමයි…! – සජිත්…

June 14, 2024 at 1:36 pm | by emanisa.lk

දකුණේ කවර විරෝධතා ක්‍රියාත්මක වුව ද 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සිය ප්‍රතිපත්තිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඊයේ (13) පස්වරුවේ යාපනය මාධ්‍ය සමාජයේ පිරිසක් සමග පැවැති සාකච්ඡාවක දී හෙතෙම මේ බව කීය.

තමා මෙය ප්‍රකාශ කරන්නේ මැතිවරණයක් ඉලක්ක කොට නොවන අතර එය සිය ප්‍රතිපත්තිය බවයි, සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ.

සෙසු අපේක්ෂකයන් ද 13 බලාත්මක කරන බව ප්‍රකාශ කළ ද ජනතාව විශ්වාස කරන්නේ තමා පමණක් බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *