මුළු කොරෝනා රෝගීන් 310යි! සුවපත් වූ පිරිස 100යි!

April 21, 2020 at 6:32 pm | by emanisa.lk

කොරෝනා අසාදිත වු පුද්ගලයින් 6 දෙනකු අද(21) වාර්තා වී  ඇතැයි සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

එම  ආසාදිතයින්ගේ පස් දෙනකු කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ  පදිංචි නිරෝධායනට ලක්වෙමින් සිටි පිරිසගෙන් වන අතර අනෙක් පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ කොරෝනා ආසාදිත වුවෙක් ළගින් ඇසුරු කළ අයෙකි.

ඒ අනුව මේ වන විට වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 310 කි.

එසේම මේ වන විට ආසාදිත වී  ප්‍රතිකාර ලබමින් සිටින පිරිසගෙන් 100 දෙනකු රෝහල්වලින් පිටව ගොස් ඇතැයි අනිල්  ජාසිංහ වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස