මුහුදින් වට වූ දිවයිනට ටින් මාළු රටින් ගෙනෙන බවට නැඟූ මැසිවිලි නිමයි….! රටට ඇති වෙන්න ටින් මාළු දී ඉතිරිය රට යවන්නත් සූදානම්….!

June 10, 2021 at 8:05 am | by emanisa.lk

මේ වන විට ශ්‍රී ලංකාවේ දෛනික ටින් මාළු නිෂ්පාදනය 220 000 දක්වා ඉහළ නංවා ඇතැයි වාර්තා වෙයි.

ලංකාවේ දෛනික ටින් මාළු අවශ්‍යතාව 250 000ක් වුව ද මෙතෙක් ලංකාවේ නිෂ්පාදනය කළේ 60 000ක් පමණි.

ඒ අනුව අපට ටින් මාළු නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීමට තවත් උවමනා දෛනික ටින් මාළු නිෂ්පාදනය 30 000කින් වැඩි කිරීම පමණි.

කෙසේ වුව ද ඉදිරි මාස 06 ඇතුළත නව ටින් මාළු කර්මාන්තශාලා 02ක් ආරම්භ කිරීමට නියමිත අතර එවිට දේශීය ටින් මාළු අවශ්‍යතාව සම්පූර්ණ කර ටින් මාළු අපනයනය කිරීමට ද අවස්ථාව ලැබෙනු ඇත.

මෙම ටින් මාළු නිෂ්පාදන ප්‍රවර්ධනය සිදුවන්නේ ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකරගේ අධීක්ෂණය යටතේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *