මුහුණට කන්දෙක අයිති නෑ! කන්දෙක වැහුණාට කමක් නෑ! – ජනපති

May 15, 2019 at 5:46 pm | by admin

බුර්කාව හා නිකාබය ඇතුළු සම්පූර්ණ මුහුණ වැසෙන ලෙස අඳින දෑ තහනම් කිරීම සඳහා මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනනයට සංශෝධනයක් එක්කිරීමට මහජන ආරක්ෂක ආඥා පනතේ පස්වැනි වගන්තිය යටතේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කටයුතු කර තිබේ.

ඒ අනුව ‘සම්පූර්ණ මුහණ’ යන යෙදුමේ අර්ථ නිරූපණය වෙනුවට දෙකන් ඇතුළත් නොවන පරිදි නව අර්ථ නිරූපයක් කර තිබේ.

එය මේ ආකාරයෙනි සම්පූර්ණ මුහුණ යන යෙදුමේ අර්ථ නිරූපනය ඉවත් කර ඒ වෙනුවට නළලේ මුදුනේ සිට නිකටේ අග දක්වා ද දෙකන් අතර ද කොටස යම් තැනැත්තෙකුගේ මුහුණ ලෙස අර්ථ දක්වා තිබේ.

ඒ අනුව දෙකන් වැසෙන සේ ඇඳුමක්, ඇඟලුමක් හෝ වෙනත් දෑ ඇඳීමට නැවත අවස්ථාව තිබේ. කෙසේ වුවද දෙකන් ඇතුළු මුහුණ වැසෙන ආකාරයට ඇඳුම් භාවිත කළ නොහැකි බව ජනාධිපතිවරයා නිකුත් කළ මුල් ගැසට් නිවේදනයේ දක්වා තිබිණි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස