මුස්ලිම් ළමයි කළ දේ ගැන වේදනායි! සහරාන්තුමා ගැන අපි පැමිණිලි කළා! නමුත් ආරක්ෂක අංශවලට අල්ලගන්න බැරි වුණා! – රිෂාඩ් බදූර්දීන්

May 1, 2019 at 10:14 am | by admin

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කනගාටු වන බවත් මේ පිළිබඳව තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදෙන බවත් ආමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

හිරු නාළිකාව හරහා විකාශය වූ සලකුණ සංවාද වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

“මුස්ලිම් ළමයි මේ කරපු දේ නිසා ලැජ්ජාවක් නෙමෙයි වේදනාවක් තිබෙනවා. ලැජ්ජා වෙනවා මුස්ලිම් නමින් මේක කරපු නිසා. මේ අන්තවාදය, ත්‍රස්තවාදී කල්ලි ගැනත් ඒ අයගේ හැසිරීම ගැනත් ඒ සංවිධානය භාර සහ්රාන් සම්බන්ධවත් ඒතුමා ගැනත් එතුමා කථා කරපු වොයිස් කට් ගැනත් අපේ විද්වත් මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු දේශපාලඥයින් ගිහිල්ලා ලිඛිතව ආරක්ෂක ලේකම්ට ඉදිරිපත් කර තිබුණා.”

“අපි මේක මෙච්චර දුරට කරයි කියලා හිතුවේ නෑ. අයි.ඒස්.අයි.ඒස්. කථාකරපු ඒක ළගදී තමයි සම්බන්ධ වුණේ. මේ ගැන විස්තරාත්මත තොරතුරු දුන්නා. අපිට කරන්න පුළුවන් දේ අපි කරලා තිබෙනවා. ආරක්ෂක අංශයටත් බැරිවුණා මේක අල්ලන්න. ලක්ෂ 22ක් වන මුස්ලිම් ජනතාව දැන් දුකින් ජීවත් වෙන්නේ.”

“අයි.එස්.අයි.එස්. කටයුතු කරන්නේ ඉස්ලාම් දහමට විරුද්ධවයි. මේකට සම්බන්ධ වුණ ළමයි දන්නෙත් නෑ මොකටද කළේ කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස