මුස්ලිම් හමුදා සාමාජිකයන්ට මක්කම වන්දනා නොමිලේ…!

June 9, 2024 at 10:03 am | by emanisa.lk

මෙරට ත්‍රිවිධ හමුදා රාජකාරියේ නියුතු මුස්ලිම් සාමාජිකයින්ට හජ් වන්දනාව සඳහා නොමිලේ අවස්ථාව සලසා දීමට සෞදි අරාබි රජය පියවර ගෙන තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව මෙරට සෞදි අරාබි තානාපති, කලිඩ් හමඩ් අල්කතානි මහතාගේ මැදිහත්වීමෙන් මෙම අවස්ථාව ලැබී ඇති බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සෞදි අරාබි තානාපතිවරයා එරට රජයේ අනුග්‍රහය ඇතිව වාර්ෂික හජ් වන්දනාව සඳහා විශේෂ අවස්ථා පහක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *