මුස්ලිම් සමාජයටත් තිත්ත වූ කාති උසාවිවලට පණ දෙන්න යයි….! කාති උසාවි 25කට කාති විනිසුරුවරු පත්කරන්න සූදානම්….!

January 20, 2021 at 10:48 pm | by emanisa.lk

කාති තනතුරු සඳහා අධිකරණ සේවා කොමිසම අයඳුම්පත් කැඳවා පුවත්පත්වල දැන්වීම් පළකර තිබේ.

කාති උසාවි මගින් තමන්ට දැඩි අසාධාරණකම් සිදුවන බැවින් එම උසාවි අහෝසි කරන්නැයි අන්තවාදී නොවන මුස්ලිම් ජාතිකයින් සහ සංවිධාන පවා පවා පසුගිය කාලයේ හඬ නැගීය.

එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීමට බාධාවක් ව පවතින කාති උසාවි පිළිබඳ සිංහල සමාජයේ ද ඇත්තේ දැඩි විරෝධයකි. ඒ සියලු විරෝධතා නොතකා ඊට අදාළ ගැසට් නිවේදනය ද පසුගිය පළමුවනදා නිකුත් වී තිබුණි.

එමගින් අම්පාර, අනුරධපුරය, කලුතර, හම්බන්තොට, මඩකලපුව, නුවරඑළිය, කෑගල්ල, මාතර, ත්‍රිකුණාමලය, මහනුවර, අම්පාර, පොළොන්නරුව, සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක 12 ඇතුළුව ස්ථාන 25ක කාති තනතුරු සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

මේ පිළිබඳ සමාජමාධ්‍යවල දැඩි විරෝධයක් මතුව ඇති අයුරු දක්නට ලැබෙයි. ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව අතර පවා මතුව ඇති මෙම විරෝධය ආණ්ඩු විරෝධයක් දක්වා දුරදිග යන ආකාරය ද නිරීක්ෂණය කළ හැකි ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස