මුස්ලිම් නීති, කාති උසාවි බෑ! මේ රටේ සැමට එක නීතියක් ඇති! – මුස්ලිම් අන්තවාදයට එරෙහිව සැබෑ ලාංකික මුසල්මානුවා මුසාම්මිල් පෙරට එයි……

July 31, 2020 at 4:18 pm | by emanisa.lk

මුස්ලිම් නීති, කාති උසාවි අහෝසි කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය අපේක්ෂක ඉමිතියාස් බාකිර් මාකර් විසින් සිදුකළ ප්‍රකාශය හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාමඩ් මුසම්මිල් සඳහන් කරයි.

ඉමිතියාස් බාකිර් මාකර් වැනි සිංහල පාසලක උගත් සිංහල භාෂාව හොඳින් හසුරුවන සහ සිංහල ජනතාවගේ ප‍්‍රසාදයටද පත් වූ කෙනෙක් මෙවැනි අන්තවාදී මතය දැරීම ගැන තමා කනගාටු වන බවද ඔහු සඳහන් කළේය.

එක රටක් තුළ තිබිය යුතුය එක නීතියක් බවත් ජාතීන් වශයෙන් බෙදා වෙන වෙනම නීති ඇති කරන්නට ගියහොත් සිංහලයන්ට වෙනම සිංහල නීතියක් දෙමළ ජාතිකයන්ට වෙන දෙමළ නීතියක් ආදී ලෙස නීති සකසන්නට වනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

අවසානයේ එම වෙනම නීති ක්‍රියාත්මක කිරීමට ජාතීන් වශයෙන් වෙනම රටක් යන තත්ත්වයට වෙන්වීමේ තැනක් දක්වා මෙය යා හැකි යැයි ද ඔහු පෙන්වා දෙයි.

එහෙයින් ශ්‍රී ලංකාවේ එක රටක් එක නීතියක් යන න්‍යාය අනුව ක්‍රියාත්මක විය යුතු බව ද ජාතීන් හෝ ආගම් වශයෙන් වෙනම නීති අවශ්‍ය නැති බවත් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස