මුස්ලිම් ත්‍රස්ත තර්ජන නිසා කොටි ත්‍රස්තවාදීන් සැමරීමත් අවලංගු කළා! ඉස්ලාම් ත්‍රස්තවාදයෙන් ජනතාව රකින්න හමුදාව යොදවන්න! – ශිවාජිලිංගම්

May 12, 2019 at 3:07 pm | by admin

ඉස්ලාම් ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව නිසා මතුව ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන අවසන් ගැටුමේ දී මියගිය ජනතාව සැමරීම සඳහා තිරිකුණාමලේ සිට වෙල්ලමුල්ලිවයික්කාල් දක්වා සැලසුම් කර තිබූ පාගමන අත්හිටුවීමට කටයුතු කළ බව උතුරු පළාත් සභවේ හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි..

උතුරු පළාතේ සිටින සියලුම හමුදා සෙබළු ඉවත් කළ යුතු යැයි තමා නොකී බවත් ඒකීය රටක් තුළ ජනතාවගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක හමුදා උතුරේ සිටිය යුතු බවත් ඔහු පවසයි.

රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තර්ජනයට ලක්ව ඇති ස්ථානවලට හමුදා ආරක්ෂාව ලබා දිය යුතු බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙවරද ජිනීවා ගොස් ශ්‍රීි ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැඟීමට සහ උතුරෙන් හමුදාව ඉවත් කිරීමට බලපෑම් කරන ලෙස ඉල්ලා සිටි අයෙකි. එහිදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සමග උණුසුම් විවාදයක ද පැටළුණේ ශිවාජිලිංගම්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස