මුස්ලිම් ජනතාව සියලු දෙනා ත්‍රස්තවාදීන් නෙමෙයි! මේ ප්‍රහාරයට වගකිව යුත්තේ බුද්ධි අංශ දුර්වල කළ ආණ්ඩුවයි! – ජනපති

April 28, 2019 at 11:03 am | by admin

සියලු මුස්ලිම් ජනතාව දෙස ත්‍රස්තවාදීන් ලෙස නොබලන ලෙස ශ්‍රි ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලීමක් කරයි.

මෙරට පොදු මුස්ලිම් ජනතාව ආරක්ෂා කර ගැනීම සහ ඔවුන් දෙස වෛරීව නොබලා සිටීම සියලු ජනකොටස්වල යුතුකමක් බවත් ඔවුන් දෙස වෛරීව නොබලා ඔවුන් ආරක්සා කර ගැනීම අප කාගේත් යුතුකම බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ පසුගිය සිකුරාදා (26) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය.

අපේ රටේ වසර 30ක එල්ටීටීඊ සංවිධානය හා IS සංවිධානය අතර විශාල වෙනසක් තියෙනවා. එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ ගෞරවය අපේ හමුදාවට හිමි වෙනවා වගේම මම දැක්කා පසුගියදා පාර්ලිමේන්තුවේ කළ කතාවල දී ඇතැමුන් බොහොම වීරයන් විදියට කතා කරනවා මේ ප්‍රහාරය ආණ්ඩුවට වළක්වා ගන්න බැරුව ගියා. අපි නම් එල්ටීටීඊ සංවිධානය පරාජය කළා කියලා.

එල්ටීටීඊ සංවිධානයේ වසර 30 කට ආසන්න ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී ජාත්‍යන්තරය තුල ඉතාම සුළු සහයක් අපිට ලැබුණේ. ජාත්‍යන්තරයේ ඉතා සුළුතරයක් තමයි අපිට සහයෝග දුන්නේ, එල්.ටී.ටී.ඊ යුද්ධයේ දී ජාත්‍යන්තරයේ අති බහුතරයක් එල්ටීටීඊ සංවිධානයට සහය දුන්නා.

සුළු ජාතින්ගේ විමුක්ති අරගලයක් ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන්නේ ත්‍රස්තවාදය නෙවේ, ඒ නිසා සහයෝගය දිය යුත්තේ එල්.ටී.ටී. ඊ යට කියලා බටහිර රටවල් එල්ටීටීඊ යට සහය දුන්නා. මානව හිමිකම් කතා කරන, ලංකාවේ මානව හිම්කම් කතාකරලා පසුගිය වසර හතරේ අපේ යුද හමුදාව දුර්වල කරපු, රාජ්‍ය බුද්ධි අංශ දුර්වල කරපු, අය අද මේ ප්‍රහාරයට වගකිව යුතුයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස