මුස්ලිම් ජනතාව අතර කොරෝනා පැතිරීම වැඩියි! ඒ ඇත්ත යථාර්ථය නොසඟවා කතා කිරීම ජාතිවාදයක් නෙමෙයි! – GMOA

April 2, 2020 at 6:10 pm | by emanisa.lk

මුස්ලිම් ජනකොටස් බහුල වශයෙන් ජීවත් වන ප්‍රදේශවල කොරෝනා වෛරසය පැතිරීම වේගවත් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියේය

“මේ රෝගය අපි විශේෂයෙන්ම අපි දකිනවා බේරුවල පුත්තලම අකුරන අටලුගම කියන සුලු ජනවර්ගයක් ඉන්න ස්ථානවල. සමහරු කියන්න හදනවා අපි මේ සුලු ජනවර්ගයක් ගැන කියන්න හදනවා කියල.

රාගම රෝහලේ සිංහල ජාතිකයෙක් නිරෝදායනය වෙද්දි අපි ඒකත් කතා කළා, යාපනේ පල්ලිය දෙයක් වුණාමත් කතා කළා. සෞඛ්‍ය අංශවලට බෑ නිශ්චිත කාරනා මග ඇරලා යන්න.

ඒ තැන්වල ජන ඝනත්වය අධිකයි. එක ගෙදර ඉන්න පිරිස වැඩියි. අනතර් සම්බන්ධතා වැඩියි, සහෝදර මුස්ලිම් ජනතාව ඉන්න පැතිවල මේක පැතිරීම වැඩියි.

අපිට ඊළඟ බය තියෙන්නේ අපේ වතුවල ලයිම්වල ඉන්න අයට මේක ගියොත් මේ වගේම තත්වයක් ඇතිවෙනවා. ඉතින් මේ දකින දේවල් නොසලකා හරින්න බෑ. අද රෝගියෙක් ආවම ඉස්පිරිතාල වාට්ටු පිටින් වහලා දාලා. සෞඛ්‍ය සේවකයන් නිරෝධායනය කරලද අපි මේ ප්‍රශ්නේ විසදන්න හදන්නේ. ඒ නිසා ජනතාව අතේ යම් පිරිසක් මේක කරන්නෑ කියලා අපිට කියන්න වෙනවා..

ඇයි අපි පන්සල් යන්න එපා කිවේ? දේශපාලන රැස්වීම් තියන්න එපා කිවේ? සිරිපාදේ යන්න එපා කීවේ? ඉතාලි ඉදන් එන අය අපි ඇයි නිරෝදායනය කළේ? ජාති බැලුවේ නෑනේ. අපි මේවා කියන්නෙ අනතුරක් තියන නිසා..”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස