මුස්ලිම් ඡන්ද ඕන නම් බදියුදීන් හකීම් වහාම වේදිකාවෙන් බස්සන්න! – අන්තවාදී මුස්ලිම් නායකත්වයට එරෙහිව රටට හිතැති මුස්ලිම් ජනහඬ

October 31, 2019 at 6:42 pm | by emanisa.lk

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ජයග්‍රහණය කිරීමට සුළු ජාතිකයන්ගේ ඡන්ද උවමනා නම් ඇමති රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් වැනි නායකයින් වහාම සිය වේදිකාවෙන් ඉවත් කළ යුතු බව මුස්ලිම් හඬ සංවිධානය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රොෂාන් හසීම් අද (31) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.

“මුස්ලිම් ජනතාව හැමදාමත් බලාපොරොත්තු වුණේ ආගමික නිදහස. ඒ ආගමික නිදහස ලැබුණේ බෞද්ධයාගෙන්. බදියුදීන්, හකීම් වැනි දේශපාලන නායකයින් ඒ නිදහස එයාලගෙන් ලැබුණු දෙයක් බව පෙන්වනවා.

මුස්ලිම් නායකයින් ලෙස සිතා සිටින මෙම පිරිස අන්තවාදීන් නොවන බව අපි කියන්නෙ නැහැ. එයාලාගේ දේශපාලනය අන්තවාදයට පණ පොවනවා. ඔවුන් අපි වෙන්දේසියේ දානවා. ඔවුන් කවදාවත් පාර්ලිමේන්තුවේදී මුස්ලිම් ජනයා ගැන කතා කරලා නැහැ. ඔවුන් මුස්ලිම් ඡන්ද ඩීල් දාලා විකුණනවා.

මුස්ලිම් මිනිස්සුන්ට අන්තවාදී, ජාතිවාදී, ත්‍රස්තවාදී ලේබලය ගහපු අය ඔබේ වේදිකාවේ සිටීම අපේ ඡන්දයට ගැටලුවක් බව අපි සජිත්ට කියනවා. සජිත්ට දිනන්න ඕනෙ නම්, සුළු ජනතාවගේ ඡන්ද ඕනේ නම් බදියුදීන්, හකීම් නෙවෙයි අවශ්‍ය. ඔවුන් වේදිකාවෙන් බස්සලා පෙන්වන්න. එහෙම කළොත් අපි අරගල කරනවා ඡන්දෙ දෙන්න කියලා.

අන්තවාදීන් ඔබතුමාගේ ඔළුවත් හෝදලා තියෙන්නෙ. මේක මුස්ලිම් ජනතාවට තියෙන අන්තිම බස් එක. ඒකෙ නැග්ගෙ නැත්නම් ඒකීය රටක් හදන්න බැහැ.අපේ නායකයින් කියන පිරිස් මේ කියන වැඩපිළිවෙළට මුස්ලිම් ජනයා සමග එක්ව නැගී සිටිය යුතුයි. අපිට අවශ්‍ය ගැලරියට කතා කරන්න කථිකයෙක් නෙවෙයි. අපිට ඕනේ ගැලරියට වැඩ කරන නායකයෙක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස