පසුගිය මැතිවරණවල දී හංසයන්ට අලින්ට අනුරාධපුර සිංහල ගම්මානවල ඡන්දයක් ලැබුණේ ඉතාම අඩුවෙන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ බණ්ඩාර පවසයි.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල තමන්ට සැනසුම් සුසුමක් හෙළීමට ඉඩ ලැබුණේ ප්‍රෙද්ශයේ මුස්ලිම් ගම්මානයක ඡන්ද පෙට්ටියක් හලන විට බව ද හෙතෙම සඳහන් කරයි.
අනුරාධපුර මුස්ලිම් ජනතාව නාච්චදූව නගරයට එකතු වී ඇත්තේ සිය සහාය ලැබෙන්නේ තම ආගම ආරක්ෂා කරන තමන් වෙනුවෙන් පෙනී සිටින නායකයාට බව ප්‍රකාශ කිරීමට බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
අනුරාධපුර නාච්චදූව නගරයේ ඊයේ (31) පැවැති සමගි ජන බලවේග ජන හමුවක් අමතමින් රෝහණ බණ්ඩාර මේ බව කීය.