මුස්ලිම් කොංග්‍රසය එක්ක බෑ! දෙමළ සන්ධානයත් එක්ක ජාතික ආණ්ඩුවක් හැදුවා නම් අවුලක් නෑ!

February 6, 2019 at 2:39 am | by admin

දැනටමත් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයක් සමග එකතු වී ජාතික ආණ්ඩුවක් තැනිය නොහැකි බවත් එය නීති විරෝධි කටයුත්තක් බවත් ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

මුස්ලිම් කොංග්‍රසය දැනටමත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඔවුන් සමග නැවත එක් වීම ජාතික ආණ්ඩුවක් ලෙස පිළිගත නොහැකි බවත් අවශ්‍ය නම් දෙමළ ජාතික සන්ධානයත් සමග එක්ව ජාතිය ආණ්ඩුවක් තැනිය හැකි බවත් පෙන්වා දෙයි.

එසේ නොවී සිදු කරන නීති විරෝධි ක්‍රියාවලියට එරෙහිව ශ්‍රීලනිප සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් ඡන්දය දිය යුතු බවත් නො එසේ නම් ඊට එරෙහිව පක්ෂය විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *