මුස්ලිම් ආගමට ත්‍රස්තවාදය සම්බන්ධ නෑ! මුස්ලිම් ඇමතිලා ප්‍රහාරයට සම්බන්ධත් නෑ! ත්‍රස්තවාදීන් ඉස්ලාමිකයනුත් නෙමෙයි!

April 29, 2019 at 2:53 pm | by admin

කතෝලික පල්ලිවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව තමාටත් මුජිබර් රහ්මාන්ටත් අසාත් සාලිටත් චෝදනා එල්ල වන බව ප්‍රකාශ කළ අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් ඒ කිසිවකු මෙම ප්‍රහාරවලට සම්බන්ධ නැතැයි පවසයි.

කාර්මික සංවර්ධන අධිකාරිය යටතේ තඹ කර්මාන්ත ශාලාවකට හමුදා අබලි ද්‍රව්‍ය ලබා දීම පිළිබඳ තමාට නැඟෙන චෝදනා පිළිබඳ කනගාටුවන බවත් ඉදිරියේදී එම කටයුතු යුද හමුදාවේ අධීක්ෂණය යටතේ සිදු කරන බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

කුරානයට අපහාස වන මෙම ප්‍රහාරය පිළිබඳ තමන්ට ලැජ්ජ බවත් අල්ලාඃ දෙවියන් මරගෙන මැරෙන්න කියා පවසා නැති බව ද පෙන්වා දෙන ඇමතිවරයා මේ ත්‍රස්තවාදීන් ඉස්ලාමිකයන් කියා තමා පිළිනොගන්නා බවත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස