පාස්කු ප්‍රහාරයෙන් පසු පවා වහබ්වාදය හා දැඩි මතධාරී ප්‍රකාශ සමාජ මාධ්‍යජාලා ඔස්සේ හුවමාරු කරගනිමින් සිටින අන්තවාදීන් දෙසිය හැත්තෑදෙනකු පමණ බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.
සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වන මතවාදවලට අත්අඩංගුවට ගැනීමට මෙරට නීති පද්ධතියේ නීති ප්‍රමාණවත් නොවන බැවින් ඒවා සංශෝධනය කර නව පනතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරගෙන යන බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානියෙක් අනාවරණය කරයි.
මෙම කටයුතු අතරේ සමාජ මාධ්‍යජාලා ඔස්සේ දැඩි මතවාදී අදහස් පතුරුවන්නන් වහාම පුනරුත්ථාපනය කිරීම සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයේදී මුස්ලිම් ආගමික සංවිධාන සමග විශේෂ සාක්ච්ඡාවක් පවත්වා ඇත.
අන්තවාදීන් විසින් අන්තවාදී අදහස්වලින් තරුණයන්ගේ මොළ සෝදා ඇති බවත්, එවැනි මොළවලට දඬුවම් කළ හැක්කේ පුනරුත්ථාපනය කිරීම මගින් පමණක් බවත් ආරක්ෂක ප්‍රධානීහු අවධාරණය කරති.