මුස්ලිම් අන්තවාදය බෞද්ධ පුදබිම් වනසා නො නවතී! නැඟෙනහිර කතෝලික පුදබිම් සංහාරය අරඹයි!

October 17, 2020 at 9:08 am | by emanisa.lk

තිරිකුණාමලය, චීන වරාය නාච්චිකුඩා ප්‍රදේශයේ පිහිටි කතෝලිකයන්ගේ ශුද්ධවූ ස්ථානයක් වූ වසර 50 කට වඩා පැරණි කුරුස කන්දට අන්තවාදී පිරිසක් විසින් හානි කර ඇත.

මීට පෙර ද අවස්ථා කිහිපයක දී ම මෙම පුදසුනට හානි කිරීමට අන්තවාදීන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

කුරුස කන්දේ පිහිටා ඇති කුරුස කඩා දමා යාඥා සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා සකස් කර තිබූ අසුන් කිහිපයක් ද මෙම පිරිස් විසින් කඩා දමා ඇති අතර පූජනීය ස්ථානයට පිසිසෙන මාර්ගය පවා අසුරා විවිධ ඉදිකිරීම් කර ඇත.

මේ වන විට එම පුදබිමෙහි ඉඩම් විවිධ පිරිස් විසින් අත්පත් කර ගනිමින් තිබෙන බව දේවස්ථානයේ මීසම් පාලක ජෝර්ජ් දිසානායක පියතුමා පවසයි.

පසුගියදා දේව මෙහෙය පැවැති මොහොතේ එම ස්ථානය අවහිර කළ පිරිස් එම ස්ථානය අපවිත්‍ර කොට විවිධ ඉදි කිරීම් සිදු කළ අවස්ථාව ඡායාරූපගත කර තිබේ.

එමෙන්ම ඔහු පියතුමා ඇතුළු කතෝලික බැතිමතුන්ට බැණ වදිමින් තර්ජනය කරමින් දේවස්ථානයෙන් එළවා දැමීමට ද කටයුතු කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස