මුස්ලිම් අන්තවාදය නැවත හිස ඔසවයි…! සුන්නි ෂියා මුස්ලිම් ගැටුමක පෙරනිමිති…! බම්බලපිටිය බෝරා මුස්ලිම් පල්ලියට බෝම්බ ප්‍රහාරයක්…!

November 10, 2021 at 9:29 pm | by emanisa.lk

බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට පෙට්‍රල් බෝම්බයක් ගසා මනුෂ්‍ය ඝාතනයකට තැත් කළ පුදගලයෙක් බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිරාණි පෙරේරා අද (10) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බම්බලපිටිය අදිමලේ වීදියේ පදිංචි හුසේමා අබ්බාස් කැන්බෝයි නැමැත්තෙකි.

සැකකරු ඊයේ (09) පෙරවරුවේ සිය නිවසේ සිට පෙට්‍රල් බෝම්බයක් ගෙනැවිත් බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට දමා ගසා ඇති බවත් එය පිපිරි නොයාම හේතුවෙන් නැවතත් නිවසට ගොස් තවත් බෝම්බයක් ගෙනැවිත් දමා ගසා ඇතැයි බම්බලපිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් සැකකරු දමා ගැසූ බෝම්බ පිපිරී ගොස් නැති ඇති අතර මේ සම්බන්ධයෙන් සැකකරු කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

බෝරා මුස්ලිම් යනු ෂියා නිකායට අයත් ඉතා ම සාමකාමී සුළුතර මුස්ලිම් ආගමික නිකායක් වන අතර ව්‍යාපාරික සම්භවයක් ඇති මෙහි අනුගාමික පිරිස ඉතා ම ධනවතුන් ලෙස ප්‍රකටය. ලංකාවේ බහුතර මුස්ලිම් ජනතාව සුන්නි නිකායට අයත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස