මුස්ලිම් අන්තවාදයට එරෙහිව රටම එකම සටනක! නැඟෙනහිර වියාලේන්ද්‍රන්ගේ උපවාසයට භික්ෂූන් වහන්සේ දෙනමක් එකතු වෙති!

June 3, 2019 at 10:11 am | by admin

පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්. වියාලේන්ද්‍රන් ඇතුළු පිරිසක් මඩකලපුවේ ආරම්භ කළ උපවාසයට සහය පලකරමින් ඊයේ (02) දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා දෙනමක් ද ඊට එක්වුහ.

අමාත්‍ය රිෂාඩ් බදියුදින් සහ සාලි, හිස්බුල්ලා ආණ්ඩුකාරවරු ධුරයෙන් ඉවත්කිරිම ඇතුළුව ඉල්ලීම් හතරකට බල කරමින් අතුරලියේ රතන හිමියන් විසින් ආරම්භ කළ උපවාසයට සහය පල කිරිමට මෙම උපවාසය ආරම්භ කර ඇත.

ඒ අනුව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ බුද්ධ ශ‍්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරි දේවගල දේවාලංකාර සහ පොලොන්නරුව දිස්ත‍්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරි දිඹුලාගල රාහුලාලංකාර යන භික්ෂූන්වහන්සේලා එම උපවාසයට එකතු විය.

උපවාසයට එක් වෙමින් භික්ෂුන් වහන්සේලා පැවසුවේ මුස්ලිම් අන්තවාදී අමාත්‍යවරුන්ට ලබා දුන් තනතුරුවලින් ඔවුන් ඉවත් කරන ලෙසත් නැගෙනහිර පළාතේ මුස්ලිම් අන්තවාදින්ගේ බලයෙන් දෙමළ හා සිංහල ජනතාව බේරා ගැනිමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහා ක‍්‍රීයා කළ යුතු බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස