මුව ආවරණ කොරෝනා පතුරන මාධ්‍යයක් වීමේ අවදානමක්!

May 2, 2020 at 6:54 am | by emanisa.lk

නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා භාවිත කරන මුව ආවරණ වෛරසය පැතිරවීමේ තවත් එක් මාධ්‍යයක් විය හැකි බැවින් එය විධිමත් ලෙස බැහැර කිරීමට භාවිත කරන්නන් කටයුතු කළ යුතුව ඇතැයි ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඊයේ (01) සඳහන් කළේය.

මුව ආවරණය පෘෂ්ඨය මත පැය 12ක පමණ කාලයක් මෙම වෛරසය නොනැසී පැවතිය හැකි බවත් සඳහන් කළ හෙතෙම එය විධිමත් ලෙස බැහැර නොකළ හොත් තවත් අයට එය වැළඳීමේ හැකියාව පවතින බව ද පැවසීය. එහෙයින් මුව ආවරණ තමන් විසින්ම විනාශ කිරීම හෝ වළ දැමීමට කටයුතු කරන්නැයි හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
එසේම මෙම මුව ආවරණ තැන තැන දමා යෑම හේතුවෙන් අමතර පාරිසරික ගැටලූ‍ රැසක් ද පැනනැගී ඇති බවත් උපුල් රෝහණ කීවේය. දිරාපත් වන ද්‍රව්‍යවලින් මුව ආවරණ සාකසා ගැනීමට කටයුතු කරන මෙන් ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස