මුව ආවරණවල ඡන්ද අපේක්ෂක අංක සලකුණු ගහලා! නිර්ලජ්ජිත මැතිවරණ ප්‍රචාරණයක් ගැන චෝදනා!

June 30, 2020 at 12:25 pm | by emanisa.lk

කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුවාවෙමින් ඇතැම් අපේක්ෂකයන් සිය අපේක්ෂක අංක සහ පක්ෂ සලකුණු සටහන් කළ මුඛ ආවරණ ජනතාව අතර බෙදාහැර ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන ප්‍රකාශ කරයි. එවැනි තොරතුරු ගණනාවක්ම තමන්ට වාර්තා වී ඇති අතර ඉන් හයක් පිළිබඳ තොරතුරු තහවුරු වී ඇතැයිද එම මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක මංජුල ගජනායක පැවැසීය.

‘ඉතාමත් නිර්ලජ්ජිත ආකාරයෙන් තමන් බෙදාහරින මුහුණු ආවරණවල පවා පක්ෂ සලකුණු හා අංක ආදිය යොදන තත්ත්වයක් අපි නිරීක්ෂණය කරලා තියෙනවා. වසංගත අවස්ථාවකදී මෙවැනි දේවලින් වැළකී සිටීමට හැකි නම් ඉතාමත් වැදගත්. මෙවැනි ක්‍රියා සඳහා ඡන්දදායකයන්ට සමස්ත දේශපාලන සංස්කෘතියම එපාවීමට පුළුවන්. දැනට අපිට මෙවැනි මුහුණු ආවරණ බෙදාහැරීමේ සිදුවීම් රැසක් පිළිබඳව වාර්තා වෙලා තියෙනවා. ඒ අතුරින් හයක් අපි තහවුරු කරගෙන තියෙනවා.

නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මොනවාද යන්න තවමත් ගැසට් නිවේදනයන් නිකුත් කර නැති නිසා මේ පිළිබඳව කටයුතු කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවා යම් ගැටලුවකට මුහුණදී සිටිනවා. යැයිද පැවැසූ සම්බන්ධිකාරවරයා තහවුරු කරන ලද තොරතුරු මත මෙවැනි නීතිවිරෝධී ප්‍රචාරණයන් පිළිබඳව කරන ලද විමර්ශනයකින් අනතුරුව අදාළ අපේක්ෂකයාගේ අනාගත මන්ත්‍රීධුරය පවා අහෝසි කිරීමේ බලයක් මැතිවරණ කොමිසමට පවතින බවද වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස