මුලින්ම MCC ඉල්ලුවේ මහින්දලා! – ඇමරිකාව කියයි….

June 28, 2020 at 7:18 am | by emanisa.lk

ඇමරිකානු එම්සීසී ප්‍රදානය ලබා දෙන ලෙස මුලින්ම ඉල්ලීම් කරනු ලැබුවේ 2005 වසරේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ දී බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කර ඇත.

මෙරට පිහිටි ඇමරිකා තානාපති කාර්යාලයේ මහජන කටයුතු නිලධාරියා වන ඩේවිඩ් මැක්ගුවර් විසින් ඩේලි මිරර් පුවත්පතට මේ බව සඳහන් කර තිබේ.

ඇමරිකානු එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම දේශපාලනීකරණය වීම සහ නිවැරදි නොවන තොරතුරු හුවමාරු වීම කණගාටුවට කරුණක් යැයි ද ඔහු පවසා ඇත.

රටවල් 30කට ආසන්න ප‍්‍රමාණයක මෙම ක්‍රියාත්මක වන බවත් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

මූලාශ්‍රය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස