ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.
ඒ සඳහා ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් හෙතෙම සඳහන් කරයි.
අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම ඉදිරිපත් නොවන බවද උදයංග වීරතුංග මහතා ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සංවාදයක නිරත වෙමිනි.