මුලතිව් ගුරුකන්ද විහාරය බෞද්ධයන්ට අයිති නෑ! එම භූමිය අයිති නිරාවිඅඩි පිල්ලයාර් කෝවිලටයි! – වවුනියාවේ උද්ඝෝෂණ

September 26, 2019 at 12:42 pm | by emanisa.lk

මුලතිව් නායාරූ ගුරුකන්ද බෞද්ධ විහාරය බෞද්ධයින්ට අයත් නැති බව කියමින් සහ එහි අයිතිය ඒ අසල පිහිටි නීරාවිඅඩි පිල්ලයාර් කෝවිලට ලබාදෙන ලෙස ඉලමින් වවුනියාවේ සංවිධාන කීපයක් 24 දා සවස උද්ඝෝෂණයක නිරත වූහ.

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාති සංගමය විසින් මේ උද්ඝෝෂණය සංවිධානය කොට තිබූ අතර ඊට තවත් සංවිධාන කීපයක අනුග‍්‍රහය ලැබී තිබුණි. මේ පිටුපස සිටින්නේ දෙමළ ජාතික සන්ධාන දේශපාලකයන් සහ හිටපු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් බවට චෝදනා නැඟෙයි. උද්ඝෝෂකයන් ඇමරිකානු කොඩිය ද අත දරා සිටිනු දැකගත හැකි විය.

උද්ඝෝෂණකරුවන් කියා සිටියේ මුලතිව් පළාතේ අනවශ්‍ය ප‍්‍රශ්න ගණනාවක් නිර්මාණය වූයේ මේ ගුරුකන්ද විහාරය නිසා බවයි.

එම විහාරස්ථානය බෞද්ධයින්ට අයත් බවට අධිකරණයකින් හෝ නියෝගයක් ලැබී නොමැති නිසා එය අයත් වන්නේ හින්දු ජනතාවට බව ද උද්ඝෝෂණකරුවෝ කියා සිටියහ.

කෙසේ වුවද ගුරුකන්ද රජමහවිහාරයට අයත් කෝකිලායි – මුලතිවු මාර්ගය දෙපස ඇති සියලු පුරාවස්තු, බෞද්ධ සිද්ධස්ථාන බව පුරාවිද්‍යා කොමසාරිස් පි. මණ්ඩාවල පසුගිය පෙබරවාරි මාසයේ දී අධිකරණය හමුවේ පිළිගත්තේය.

එහෙත් එම පුරාවිද්‍යා භූමියට අදාළ නිත්‍යානුකූල ලේඛන නිකුත් කිරීම දෙමළ ජාතික සන්ධානයේ බලපෑම මත ආණ්ඩුව වළක්වා ඇති බවට චෝදනා නැඟෙයි. දෙමළ ජාතික සන්ධානයට එම භූමියේ කෝවිලක් තැනීමට මෙන්ම පන්සලේ කටයුතුවලට බාධා කිරීමට ද හැකියාව ලැබී ඇත්තේ එහෙයිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස