මුලතිව් ගුරුකන්ද පන්සලේ වෙසක් සැරසිලි පොලිසිය ගලවලා!

June 4, 2019 at 7:30 am | by admin

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරය තුළ සවි කොට ඇති සී.සි.ටී.වී.කැමරා පද්ධතිය ගලවා ඉවත් කරන ලෙස මුලතිව් අධිකරණය පොලිසියට නියෝග කළත් ඒ සඳහා පැමිණි පොලිසිය විහාරස්ථානයේ තිබූ වෙසක් කූඩුද ගලවා ඉවත් කළ බව විහාරවාසී භික්ෂූන් වහන්සේ ප‍්‍රකාශ කරති.

මේ අවස්ථාව වාර්තා කිරීමට පැමිණි මුලතිව් පළාතේ දෙමළ ප‍්‍රාදේශීය මාධ්‍යවේදියකු සමඟද පොලිසිය ආරවුලක් ඇති කරගෙන තිබේ.

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයට සම්බන්ධ පිරිස කියා සිටින්නේ මුලතිව් පොලිසිය අධිකරණ නියෝගවලට පටහැනිව ක‍්‍රියා කළ බවයි.

මුලතිව් අධිකරණය මගින් නියෝග කර තිබුණේ යාබද දේවාලයේ අලුතින් සවි කළ නාම පුවරුව සහ පන්සලේ සීසීටීවී කැමරා පද්ධතිය ඉවත් කරන ලෙසය.

මෙම විහාර භූමියේ පිහිටි දේවාලය කෝවිලක් යැයි අර්ථ ගන්වා එය හින්දු පුද බිමක් බවට පත් කිරීමට දෙමළ සන්ධාන බලපෑම මත පිරිසක් උත්සාහ කරති. කෙසේ වුවද මෙය වසර 2000ක් පමණ පැරණි බෞද්ධ පුදබිමක් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස