මුන්ගේ මාෆියාව හැමදාම හාල් මිල වැඩි කළා..! මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ මම…! – ඩඩ්ලිගෙන් මිත්‍රපාලට දැඩි චෝදනා…

June 22, 2022 at 4:38 pm | by emanisa.lk

මෙතෙක් කල් රටේ ජනතාවගෙන් හම්බ කරගෙත් ව්‍යාපාරිකයින් මේ අසීරු අවස්ථාවේ ජනතාවට සහන ලබා දිය යුතු බව ඩඩ්ලි සිරිසේන පවසයි.

රටට අසත්‍ය ප්‍රකාශ නොකර සහන මිලට සහල් ලබා දිය යුතු බව හෙතෙම අවධාරණය කරයි.

ඒ සහල් ව්‍යාපාරිකයින් එකතු වී පැවැත් වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

නිපුණ සහල් අධිපති අධිපති එල්.ජේ. මිත්‍රපාල සමග දැඩි වචන හුවමාරුවක නිරත වූ ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කළේ වැඩි ම ජනතාවක් ආහාරයට ගන්නා නාඩු සහල් වී තොග ඇත්තේ මිත්‍රපාල සතුව බවත් තමා සතුව ඇත්තේ ධනවතුන් කන කීරිසම්බා බවයි.

සහල් මාෆියාව සෑම විට ම මිල වැඩි කළ බවටත් අවසානයේ සහල් මිල වැඩි කිරීම තමන්ගේ පිටින් ගිය බවටත් ඩඩ්ලි චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස