මුදල් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනියි….!- ශ්‍රේෂ්ඨාධීකරණය කතානායකට දැනුම් දෙයි….

August 17, 2021 at 2:22 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කතානායකවරයා වෙත දැනුම් දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.

අදාල පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති සංශෝධනවලට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් එය සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි දුරටත් දන්වා තිබේ.

මෙම පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *