මුදල් අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වන කතාව බොරුවක්!

May 12, 2020 at 10:01 am | by emanisa.lk

මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල සිය ධූරයෙන්  ඉල්ලා අස්වීමට සූදානම් වන බවට මේ  පැතිර යන ප්‍රචාරය අසත්‍යක් බව ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

තරමක අසනීප තත්ත්වය නිසා ඔහු මේ දිනවල විවේක ගනිමින් සිටින බවද දැනගන්නට ඇත.

ලේකම්වරයා ඇතැම් සාකච්ජා සඳහා පසුගිය දිනවල  සහභාගී වී නොමැත්තේ මෙම  අසනීප තත්ත්වය හේතුවෙන් බව සඳහන්ය.

එහෙත්මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ළඟදීම ඉල්ලා අස්වීමට යන බවට ඇතැම් වෙබ් අඩවිවල සහ සමාජ මාධ්‍යයේ පුවතක් පැතිර යන පුවතෙහි කිසිදු සත්‍යයක් නැතැයි වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස