මත්පැන් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගන්නා නිලධාරීන් දෙතුන් දෙනෙකු මුදල් අමාත්‍යංශයේ සිටින බවත් ඔවුන් කවුද යන්න තමන් ළඟදීම හෙළිදරව් කරන බවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
එතනෝල් මිල රුපියල් 800ක් දක්වා වැඩි කිරීමට තීරණය කළේ සීනි කර්මාන්තය රැක ගැනීමට බවද එහි දී අමාත්‍යවරයා සඳහන් කළේය.
අරක්කු මිල වැඩි වී තිබෙන්නේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු අරක්කු මුදලාලිලාගෙන් මුදල් ගන්නා නිසා බවටත්, ඔවුන් මෙම ගැටළුව විසඳීමට ඉඩ නොදෙන බවටත් අමාත්‍යවරයා චෝදනා කරයි.
පැරණි වැරදි දේශපාලන චර්යාවන් වෙනස් කරගත නොහැකිවූ නිලධාරීන් කිහිප දෙනෙකු සිටින අතර ඔවුන් ළඟදීම හෙළිදරව් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.
පාර්ලිමේන්තුව අමතමින් ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව කීය.