මුතුරාජවෙල ගොඩකිරීම් නීති විරෝධියි…! – පරිසර ඇමැති….

October 16, 2021 at 7:43 am | by emanisa.lk

දැනට ලැබී ඇති තොරතුරු අනුව වගුරු බිම් ගොඩකිරීමක් සිදුව ඇත්තේ මුතුරාජවෙල රක්ෂිත භූමියෙන් බාහිර ස්ථානයක බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.

කෙසේ වුව ද ඒ ගොඩකිරීම සහ ඉදිකිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අවසරයක් ලබා ගෙන නොමැති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

එහෙයින් මෙම කටයුත්ත නීති විරෝධී ක්‍රියාවක් ලෙස සලකා නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නිලධාරීන්ට උපදෙස් දුන් බව ද හෙතෙම සඳහන් කරයි.

පරිසරයට හානිකර කටයුතු සඳහා කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බව ද පරිසර ඇමැතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *