ජනතාව මුඛ ආවරණ පැළඳීමට යොමු වීමත් සමඟ මෙරට ශ්වසන රෝගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යාපන ප්‍රධානී, මහනුවර වෛද්‍ය සංගමයේ සභාපති දුෂ්‍යන්ත මැදගෙදර පවසයි.
එය වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ එක් පියවරක් ලෙස ඇතිවු වැදගත් සිද්ධියක් බව දකීවේය.
ලෝක පරිසර දිනයට සමගාමීව මහනුවර වෛද්‍ය සංගමය, ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, රතුකුරුස සංවිධානය සිප්ලා(Sipla) ආයතනය, එක්ව අද (08) මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී සංවිධානය කර තිබූ වැඩසටහනකදී වෛද්‍ය මැදගෙදර මේ බව සඳහන් කළේය.
ස්වසන රෝගවලට ගොදුරුව සිටින පුද්ගලයින්ට රෝග උත්සන්න වීම හා සංකූලතා ඇති වීම ඉතා අඩු මට්ටමක පවතින බවත් මේ නිසා රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමද සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවත් මුඛ ආවරණ පැළඳීම පුරුද්දක ලෙස අඛන්ඩව සිදුකිරීම සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස තමා දකින බවත් මෙමඟින් රෝගකාරක විෂබීජ තමන්ගේ ශරීරයට ඇතුළු වීමත් තමන්ගේ ශරීරයේ ඇති විෂබීජ භාහිර පරිසරයට එක්වීමත් වැළකෙන බවද හෙතෙම සඳහන් කළේය.