මීළඟ පොදු අපේක්ෂකයා සජිත් නෙමෙයි…! සජිත් කපා ගෙන වෙල්ගම අලුත් ගමනක….!

July 4, 2021 at 9:34 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මීළඟ අපේක්ෂකයා ලෙස නම් කර ඇත්තේ එම පක්ෂය විසින් බව පාර්ලමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

එහෙත් එම පක්ෂය සමඟ සන්ධානගතව තරඟ කළ සෙසු පක්ෂ එවැනි අදහසක නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පසුගිය මැතිවරණයේ දී තමා තරඟ කළේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වන තම පක්ෂය සමගි ජනබලවේගය සමඟ සන්ධානගතව බව ඔහු පෙන්වා දෙයි.

මීළඟ පොදු අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණය ආසන්න වන විට සමාජයෙන් නැඟෙන ඉල්ලීම පදනම් කරගෙන තෝරා ගනු ලබන බව ද කුමාර වෙල්ගම අනාවරණය කරයි.

මේ අතර කුමාර වෙල්ගම අපි ශ්‍රී ලංකා නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට සූදානම් වන අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගගේ පුත් විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන ඒම එහි අරමුණ බවත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *