මීයන්ට හරක්ට ගහන එන්නත අපට ගහනවා…! රජ පවුල්වලට හොඳ එන්නත ගහනවා..! – අක්මීමන දයාරතන හිමි…

September 3, 2021 at 8:47 pm | by emanisa.lk

එන්නත් අතරින් හොඳ යැයි සම්මත ෆයිසර් එන්නත හමුදාවට භාර දී ඇත්තේ ලොකු ලොකු උදවියට එය ලබා දීමට බව සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි පවසයි.

එසේ ම රජ පවුල්වලට ලබා දී ඉතිරි හොඳ එන්නත් ටික හම්බන්තොට අවුරුදු 18-30ත් අතර පිරිසට ද විශේෂ වරප්‍රසාදයක් ලෙස ලබා දී ඇතැයි එහිමියෝ පෙන්වා දෙති.

මේ කිසිදු එන්නතකට තමන් එකඟ නැති බවත් එන්නත් ලබා දුන් පසු විශාල පිරිසක් මිය යන්නට අතුරු ආබාධවලට ගොදුරු වන්නට පටන් ගත් බවත් ඒ සඳහා ආණ්ඩුව වගකිව යුතු බවත් දයාරතන හිමි සඳහන් කරයි.

ඇමරිකාව ජනගහනයෙන් 11%ක්, ඕස්ට්‍රේලියාව 9%ක් ද එන්නත ලබා ගෙන ඇති නමුත් ඊශ්‍රායලය එන්නත් ලබා ගෙන නොමැති බවත් එහිමියෝ හෙළිකරති. ඒ රටවල මීයන්ට හරකුන්ට ලබා දී අත්හදා බැලූ බෙහෙත් ලංකාවේ ජනතාව හරකුන් යැයි සිතාගෙන අත්හදා බලන බවත් සිංහල රාවයේ සභාපති හිමි වැඩි දුරටත් ප්‍රකාශ කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස