මීටරේ පරතරේ මුව ආවරණ පාර්ලිමේන්තුවට අදාළ නෑ! – සෞඛ්‍ය ඇමතිනිය…

October 20, 2020 at 2:44 pm | by emanisa.lk

පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක පරතරයක් පවත්වා ගැනීම සහ මුව ආවරණ පැළඳීම යන නීති පාර්ලිමේන්තුවට අදාළ නොවන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

ඇමතිවරිය මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මුව ආවරණ ඇතුළු නිරෝධායන නීති අනුගමනය කළ යුතු පොදු ස්ථානවල දී බවත් පොදු ස්ථාන යනු කවරකාර ස්ථාන දැයි ගැසට්ටුවෙහි නිසි ලෙස අර්ථ නිරූපණය කර ඇති බවත් ඇමතිනිය අවධාරණය කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් සභා ගර්භය තුළ මුඛ ආවරණ නොමැතිව කතා කළ හැකි බවත් පැවසූ පවිත්‍රා වන්නිආරච්චි කෙසේ වුවත් සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපදිමින් ජනතාවට ආදර්ශය ලබා දීම මහජන නියෝජිතයන්ගේ වගකීම බවත් පැවසුවාය.

මෙහිදී සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ ඇමතිනියගේ කතාව හරහා රටේ නීතිය සෙසු පුද්ගලයින්ට එක් ආකාරයකටත් පාර්ලිමේන්තුවට වෙනස් ආකාරයටත් ක්‍රියාත්මක වෙන බවක් පෙන්නුම් කෙරෙන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස