මිල ඉහළ දමන සූත්තරයක් කිරිපිටිවලටත්! සූත්තරේ දැම්ම ගමන් කිරිපිටි මිලත් ඉහළට!

March 16, 2019 at 7:56 am | by admin

ඛනිජ තෙල් සඳහා මෙන්ම ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රු. 60කින් ද ග්රෑම් 400 පැකට්ටුවක මිල රු. 25කින් ද ඉහළ දැමීමට දැමීමට පාරිභෝගික අධිකාරියේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මාසිකව කිරිපිටි මිල ද ජාත්‍යන්තර වෙළෙඳපොළ අනුව ඉහළ පහළ යනු ඇත.

කිරිපිටි ආනයනකරුවන් පසුගිය කාලය තුළ කිරිපිටි සඳහා පනවා ඇති බදු අඩු කරන ලෙස හෝ මිල වැඩි කිරීමක් ලබා දෙන ලෙස දිගටම ඉල්ලා සිටි අතර ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු විට ආනයනික කිරිපිටි වරායෙන් නිදහස් කර නොගැනීමට සහ අලුත් තොග ඇනවුම් නොකිරීමට කටයුතු කර තිබිණි. මේ නිසා කිරිපිටි කන්ටේනර් 200කට අධික ප්‍රමාණයක් වරායේ ගොඩගැසී තිබිණි.

කෙසේ වුවද මේ වන විට ආනයනික කිරිපිටිවල මෙලමයින් ෆාම් ඔයිල් සහ ඌරු මේදය අඩංගු බවට නැඟෙන චෝදනා සහ වෛද්‍ය දැනුම්වත් කිරීම් නිසා පාරිභෝගික ජනතාව දියර කිරි සහ දේශීය කිරිපිටි වෙත නැඹුරු වෙමින් සිටිති. කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දියර කිරි ලබා දෙන නිසා බිය විය යුතු නැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස