මිලේනියම් සිටි පාවාදීමේ කිසි ම වරදක් නෑ..! වරද එය දඩමීමා කරගෙන එජාප ආණ්ඩුව පෙරළීමයි..! – ෆීල්ඩ් මාර්ෂල්…

November 19, 2021 at 5:02 pm | by emanisa.lk

මිලේනියම් සිටිහිදී බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොවන බව රණවිරුවකු ලෙස තමා ප්‍රකාශ කරන්නේ යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

අද (19) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එම ස්ථානයේ අවි ආයුධ තබාගෙන සිටීම හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කළ අයථා වැඩක් බව පැවසූ මන්ත්‍රීවරයා එය රජයක් පිටින් දමා මඩ ගැසීමට මේ අය හැමදාම උත්සාහ ගත් බවද ප්‍රකාශ කළේය.

හමුදා බුද්ධි අංශ කිසිවක් කිසි දිනක දිග දුර විහිදුම් නොකළ හෙයින් කොළඹට ආර්.පී.ජී, ක්ලේමෝ බෝම්බ ගෙන ඒමට අවශ්‍යතාවක් නොතිබූ බව ද ඔහු පැවසුවේය.

ඒවා කළේ විශේෂ බලකාය බව ද සරත් ෆොන්සේකා පැවැසීය.

මිලේනියම් සිටි සිද්ධිය වන විට තමා යාපනය ආඥාපතිවරයා බවත් ඒ රණවිරුවන් පිරිස යොදාගෙන එදා රජය පෙරළීමට විපක්ෂය කටයුතු කළ බවත් සරත් ෆොන්සේකා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස