මිලේනියම් ගිවිසුම අත්සන් කරන්න ඉඩ දෙන්නේ නෑ! එහෙම ආණ්ඩුවක අපි ඉන්නෙත් නෑ! – විමල්

December 12, 2019 at 7:55 am | by emanisa.lk

ඇමෙරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම අත්සන් කිරීමට ඉඩ නොතබන බවත් එවැනි ආණ්ඩුවක තමන් නොසිටින බව අමාත්‍ය විමල් වීරවංශ අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පානදුර ප්‍රදේශයේ දී පැවති රැස්වීමකට සහභාගි වෙමිනි.

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ සිටින අවස්ථාවල ද තමන්ට එයට එරෙහිව කතා කළ බවත් ඊට ඒ අවස්ථාවල කිසිවකු එරෙහි නොවූ බවත් සඳහන් කළ ඇමතිවරයා එය තමන්ගේ පෞද්ගලික මතය යැයි ප්‍රකාශ කිරීම පදනම් විරහිත බව ද ප්‍රකාශ කළේය.

MCC ගිවිසුම පිළිබඳව ලක්ෂ්මන් යාපා අබේවර්ධන කරන ලද ප්‍රකාශයක් ගැන තමන් කැබිනට් මණ්ඩලයේ දී ප්‍රශ්න කළ බවද විමල් විරවංශ අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස